Saturday, September 21, 2024

General line - 0115112241

රාමසාන් අද සැමරේ




සමස්‌ත ලෝකවාසී ඉස්‌ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අදට (26) යෙදී තිබෙනවා.

රාමසාන් මාසයේ උපවාස ආරක්ෂා කිරීමෙන් අනතුරුව නව සඳ දැකීමෙන් පසුවයි රාමසාන් දිනය උදා වන්නේ.

ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සාමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමින්.

මෙම උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේනද නිකුත් කරමින් සුබ පැතුම් එක් කරනවා.