Saturday, September 21, 2024

General line - 0115112241

වෛද්‍යවරු සමග සාකච්ඡාවට ජනපතිට උවමනාවක් තිබ්බේ නෑ..බලපෑම් කරමින්  ඉල්ලුවා - රාජිතගේ විශේෂ නිවේදනය මෙන්න 




රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කර තිබු වැඩවර්ජනය පිළිබදව සාකචිඡා කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නොතිබූ බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න නිවේදනයක්  නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උවමනාව මත මෙම  සාකචිඡාව පැවැත් වූ බවත් ජනාධිපති කාර්යාලයේ සිටින නිලධාරින්ට බලපෑම් කරමින්  ඒ සඳහා වේලාව  ලබා ගත් බවත් එහි සඳහන් වනවා.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

"මට ප්‍රකාශ කළා මෙය නිල නොවන හමුවීමක් බව. ඒ බව සාකචිඡාවට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්ට ද දැනුම් දී තිබුනා. මෙම සාකචිඡාවෙි ලිඛිත වාර්තා කිසිවක් නැත. සාකචිඡා සටහන් කිසිවක් නොමැත. වීඩියෝ ගත කර හෝ ඡායාරූප ගත කර නොමැත. එම නිසා මෙම නිල නොවන සාකචිඡාව පිළිබදව ප්‍රකාශ නිකුත් කිරීමෙි අවශ්‍යතාවයක් නොමැත.

ජනාධිපතිවරයාගේ සාකචිඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවෙිදනයක් නිකුත් කර තිබුනි. නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් විසින් නිවෙිදනය නිකුත් කර ඇත්තේ ඊයේ (25) දිනය. රජයේ ස්ථාවරත්වය නිල නිවෙිදනය මගින් නිකුත් කර ඇත. රජයේ ස්ථාවරත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රීකාවක් මගින් හෙට (27) දින කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකචිඡාවට කළින් නිකුත් කර තිබු රජයේ ප්‍රතිපත්ති සහ ස්ථාවරත්වය නොදැක සිටිීම පුදුමයට කරුණකි. එම ප්‍රතිපත්ති මාලාව තමයි කැබිනට් පත්‍රිකාවෙි සදහන්ව ඇත්තේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙි අවස්ථාවෙි දී බලහත්කාරයෙන් සාකචිඡාවක් ලබාගෙන වාර්ෂික සැසිවාරයේ දී තම සාමාජිකයින්ගෙන් එල්ලවන විවෙිචන වලට ගැලවිඡ්ඡාවක් සිදු කර ඇති බව පැහැදිලි වෙි. 

මාධ්‍ය නිවෙිදනයක් නිකුත් කරමින් ඉල්ලීම් ලබා ගත් බව ප්‍රකාශ කරමින්, බොරු කියමින් සිය සාමාජිකයින් අපහසුතාවයට පත් කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම බොරුව හෙළි වූ පසු එය මගේ පිට පටවන්න හදනවා. ජනාධිපතිවරයාගේ නිල නිවෙිදනය වෙනස් කරන්න මට පුළුවන් ද. මම සෞඛ්‍ය ඇමැති විතරයි. මම ජනාධිපති නොවෙයි. නමුත් ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමෙි දී ජනාධිපතිවරයා මා සමග සාකචිඡා කළා. රජයේ තීන්දු තීරණ ප්‍රතිපත්ති පොඩි ළමයි වගේ හදන්නේ නැහැ. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොඩි ළමයි වගේ හැසිරෙනවා. දේශපාලන පරමාර්ථ ඉටු කර ගැනීම සදහා ඔවුන් කටයුතු කරනවා. 

එම ව්‍යාජ රඟදැක්වීමට එරෙහිව වෛද්‍යවරුන් පෙළ ගැසෙමින් සිටිනවා. නව ව්‍යාපාරයක් බිහි කිරිම සදහා මා සමග වෛද්‍යවරුන් රැසක් අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් මගෙත් එක්ක එකතු වෙනවා. අත්තනෝමතික දේශපාලන මතවාද ඔළුවෙි දරාගෙන වෛද්‍යවරුන් කටයුතු කිරීම උචිත නැහැ. එමගින් වන්නේ අනාගතයේ බිහිවන වෛද්‍ය සිසුන්ගේ ඉගෙනීමෙි අවස්ථාව ද ගිලිහී යාමයි. එවැනි අත්තනෝමතික වෛද්‍ය සංගම් වලට ජනතාව විසින් පිළිතුරු ලබාදෙනු ඇත.'