Saturday, September 21, 2024

General line - 0115112241

තැපැල් වර්ජනය ස්ථීරයි




සැලසුම් කළ පරිදි සිය වර්ජනය අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. 

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ පසුගියදා දියත් කළ සංකේත වැඩවර්ජනයට ස්ථීර විසදුමක් රජයෙන් නොලැබීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙම වැඩවර්ජනයට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.