Saturday, September 21, 2024

General line - 0115112241

ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරන දෙමාපියන්ට විශේෂ නිවේදනයක්




ලබන වසර සදහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය ලබන මස 10 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. 

අයදුම්පත් භාර ගැනීම අවසන් කිරීමට මීට පෙර තීරණය කර තිබුණේ ජුනි මස 30 වනදායි. 

දිනය කල් දමන ලෙස ලද ඉල්ලීම් සළකා මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. 

කෙසේවෙතත් මේ වනවිට තම අයදුම්පත් තැපෑලට යොමු කර නොමැති දෙමව්පියන්, තමන් විසින් සකස් කරන ලද අයදුම්පතෙහි පිටපතක්, අදාළ පාසල් වෙත ගෙනවිත් භාරදී ඒ සදහා විදුහල්පතිවරයාගෙන් ලිපියක් ලබාගන්නා ලෙසටද දන්වා තිබෙනවා. 

එලෙස පාසල් වෙත ගෙනවිත් භාරදෙන අයදුම්පත් භාර ගැනීමට හා ඒ වෙනුවට "ලද බවට" සදහන් ලිපියක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ. 

මේ වනවිට තැපෑලට යොමුකර ඇති අයදුම්පත් යම් හෙයකින් ජූනි මස 30 වනදායින් පසුවද ලැබුණද එම අයදුම්පත් භාර ගන්නා ලෙසටද විදුහල්පතිවරුන්ට දන්වා තිබෙනවා.