Saturday, September 21, 2024

General line - 0115112241

වැඩ බලන  යුද හමුදාපති මහේෂ් සේනානායක ද ?




ශ්‍රී ලංකා යුද හමුදාවේ  මාණ්ඩලික ප්‍රධානී   මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක වැඩබලන යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ඇති බවට වාර්තා පළ වනවා.

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1981.10.16 වනදා බඳවාගැනීම් පාඨමාලා අංක 16 යටතේ කැඩෙට් නිළධාරියකු ලෙස යුද හමුදාවට එක්වූ අයෙකු වනවා.

1983.06.23 වනදා එම පාඨමාලාවේ සෑම අතින්ම අති ශූර කැඩෙට් නිළධාරියාට හිමි ශුරතාව දිනා ගනිමින් දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු ඉන් පසුව යුද හමුදා විශේෂ බළකායට එක්වුණා.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති සියළු යුධහමුදා මෙහෙයුම් වල විවිධ නායකත්ව ස්ථාවරයන් යටතේ සක්‍රියව සහභාගි වී තිබෙනවා. 

පළමු වන විශේෂ බළකා රෙජිමේන්තුව බළඝණ නිලධාරි අණ දෙන මෙන්ම දුගු දුර විමර්ශණ මෙහෙයුම් සංකල්පය හඳුන්වාදෙමින් 3 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි තනතුරද මෙහෙයවා තිබෙනවා.

යුධ සමයේ අතිශය තිරණාත්මක අවධියන් වලදී තනතුරු කිහිපයක්ම මෙහෙයවා තිබේ. 

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විශේෂ බළකා නිළධාරියකු ලෙස උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියෙහි නිරතවූ අතර එම බළකායේ බළඇණි අණදෙන නිළධාරි,විශේෂ බළකා බළසේනාධිපති ලෙසද කටයුතු කළා.

ඔහු වත්මන් විශේෂ බළකා රෙජිමේන්තු අධිපති ධුරයද උසුලනවා.