Saturday, September 21, 2024

General line - 0115112241

බල බලා සිටි ඡන්දයක් ඔක්තෝම්බරයේ




පළාත් සභා තුනක ඡන්ද විමසීම ලබන ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා. 

ඒ, එම පළාත් සභා තුනෙහි නිල කාලය අවසන්වීම හේතුවෙන්

පනත සම්මත වන්නේ නම් පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමද පැවැත්වීමට හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ.

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම ඕනෑම අවස්ථාවක පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙම අදහස් පළ කළේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදියි.