කොළඹ නගරයේ උද්ඝෝෂණ පැවැත්වීම සඳහා නිශ්චිත ස්ථාන තෝරා ගැනීමට අදාළව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසනවා.
මේ සඳහා පවතින නීති රාමුව තුළ කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.