Saturday, September 21, 2024

General line - 0115112241

වසර 17ක් කට්ටි පැන්න කොල්ලකරු බැලුම්ගලින් අල්ලා දුන් හැටි




නෙත් එෆ් එම් බැලුම්ගල කළ ගවේෂණයකින් පසු අත්අඩංගුවට ගැනුනු සැකකරුවෙකු , වසර 17කට පෙර වරෙන්තු ලැබූ අයෙකු බව හෙළිව තිබෙනවා.

එ් නිකවැරටිය ප‍්‍රදේශයේ සිදු කළ කොල්ලකෑමක් සම්බන්ධයෙන්.

මෙලෙස වරෙන්තු නිකුත් කර තිබුණේ කරන්දෙණිය මහදුරගේ සුදත් ප‍්‍රශාන්ත නමැති අයෙකුටයි.

පුරාවිද්‍යා වටිනාකමින් යුත් රත්රන් බව පවසා ජනතාව මුලා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ඔහු සමග තවත් අයෙකු බැලුම්ගල ගවේෂණයකින් පසු අත්අඩංගුවට ගැනුනා.

වැඩිදුර කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ සුදත් ප‍්‍රශාන්ත නමැති සැකකරු තවත් නිවාස කොල්ලකෑම් 06කට පමණ සම්බන්ධ වී ඇති බවටයි.

කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ කිහිපයක නඩුද පවතින බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් අද (29) අනාවරණය කෙරුණේ ද මෙම ජාවාරම පිළිබඳවයි.