Saturday, September 21, 2024

General line - 0115112241

මට්ටක්කුලිය ඝාතනයේ සැකකරු අල්ලයි




මට්ටක්කුලිය ජුබිලි මාවත ප‍්‍රදේශයේ ඉකුත්දා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (28) රාත‍්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්.

කැළණිය පොලිස් වසමේ කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුම ආසන්නයේදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් ගයාන් ජීවන්ත නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණා. සැකකරු ඝාතනයට යොදා ගත් ටී - 56 ගිනි අවිය සහ උණ්ඩ 08ක් ද ඔහු ළග තිබී සොයා ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු අද අලූත්කඩේ අංක 04 මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.