Saturday, September 21, 2024

General line - 0115112241

‌තැපැල් වර්ජනය අවසන් වන තෙක් දඩ කොළ ගෙවන්නේ මෙහෙමයි - දඩ කොළයේ අවසන් දිනය අද නම් වෙනම ක්‍රමයක්




තැපැල් වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ ගෙවීමට නොහැකි රියදුරන්ට අද (29) සිට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දඩ මුදල් ගෙවිය හැකි බව පොලිසිය පවසනවා.

ඒ සඳහා විශේෂ කවුලු ද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාවල පිහිටුවා ඇති බවයි අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා සඳහන් කළේ.

තැපැල් වර්ජනය අවසන් වන තෙක් මෙම කවුළුව විවෘතව පවතින බව ද ඔහු සඳහන් කළා. 

කෙසේවෙතත් අද දිනය අදාළ දඩ පත්‍රිකාවේ අවසන් දිනය ලෙස සටහන්ව ඇත්නම් එම දඩ පත්‍රිකාව නිකුත් කළ පොලිසිය වෙත ගොස් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා හමුවිය යුතු වනවා.

එහි දී අදාළ ස්ථානාධිපතිවරයා විසින් දඩ පත‍්‍රිකාවේ ඒ පිළිබඳ සටහනක් තබා ඔහුගේ නිල මුද්‍රාව සහිත සහතිකය ද තබන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

එලෙස සටහන් තබන දඩ පත‍්‍රිකාවට අදාල රියදුරු බලපත‍්‍ර අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන බව ද ප‍්‍රකාශ කෙරුණා.