Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දීය අනුග්‍රහයෙන් සාම්පූර් බලාගාරය ලඟදීම ඇරඹෙයි




ත්‍රිකුණාමලය සාම්පූර් හි, ඉන්දීය රජයේ ආධාර ඇතිව ඉදිකිරීමට යෝජිත සූර්ය විදුලි බලාගාරයේ කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට නියමිත බව ‘ද හින්දු‘ පුවත් සේවය සඳහන් කර සිටිනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඒ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන ඒබව තහවුරු කළ බවද ‘ද හින්දු‘ පුවත් සේවය වැඩිදුරටත් පවසනවා.

ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර පසුගිය අප්‍රේල් මාසයේ දී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමකට අනුව කොළඹට තදාසන්න ප්‍රදේශයක ද්‍රැවීය ස්වභාවික වායු බලාගාරයක් හා සාම්පූර් හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට සාකච්ඡාවී තිබෙනවා.

මෙගාවොට් 50 ක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් පවසා ඇත්තේ.