Saturday, September 21, 2024

General line - 0115112241

උමා ඔයට විදේශීය විශේෂඥ සහය!




උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඉංජිනේරුවරුන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීම හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාවට අයහපත් ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුව ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේ නුවරඑළියේ අද පැවති උත්සවයකට එක්වෙමින්. වැරදි ඇස්තමේන්තු සකස් කරමින් මෙම ව්‍යාපෘතිය හරහා මූල්‍ය වංචා සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද වෙනම පරීක්ෂණයක් සිදු කරන බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. 

උමා ඔය ව්‍යාපෘතියේ දී මූල්‍ය අක‍්‍රමිකතා සිදුව ඇතැයි ද ජනාධිපතිවරයා පැවසුවා. 

උමා ඔය ව්‍යාපෘතිය නවතා දැමිය හැකිදැයි තමන් බලයට පත්වීමෙන් පසු සොයා බැලූ බවද එහෙත් ඒ වනවිටත් ව්‍යාපෘතියේ තුනෙන් දෙකක කොටසක් අවසන් කර තිබීම හේතුවෙන් එසේ කළ නොහැකි වූ බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.