Saturday, September 21, 2024

General line - 0115112241

වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව හදිසියේ රැස් වේ - ඒකමතික තීරණ මෙන්න 




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව  අද (29) හදිසියේ රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඒකමතික තීරණ කිහිපයකට  එළඹියා.

සයිටම් ආයතනය ජනසතු කර එම ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ශ්‍රී  ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක් ලබාදීමට කමිටුවක්පත්කරන ලෙස රජයට යෝජනා ඉදිරිපත් කිරීම ඔවුන්ගේ පළමු තීරණයයි.

 රජය ඊට නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වුව හොත් එයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔවුන් එහිදී තීරණය කර තිබෙනවා.

ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමටත් තම සංගමයට හැකියාව තිබෙන බවද එම සංගමය පවසනවා.

ඔවුන් තම තීරණ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.