Saturday, September 21, 2024

General line - 0115112241

නූතනම වෛද්‍ය ක්‍රමය හැදෑරූ වෛද්‍යවරුන් OPD වල බෙහෙත් දෙන්න දාලා! සෞඛ්‍ය ඇමති කියයි




වඩාත් නූතන ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳ හදාරා ඇති වෛද්‍යවරුන්ගෙන් ශ‍්‍රී ලංකාව තවමත් නිසි ප‍්‍රයෝජන ලබා නොගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ අද (29) පැවති උත්සවයකදීයි. 
 

දැනට පවතින සියළු බෙහෙත් වර්ග අහෝසි බවයි ඔහු එහිදී පැවසුවේ. ජාන වලට අනුව ප්‍රතිකාර කිරීම නූතනම ක්‍රමය බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ. ජිනොමික්ස් නම් ලෝකයේ පවතින නවතම වෛද්‍ය ක්‍රමවේදය හදාරණ ලද වෛද්‍යවරුන් 07 දෙනකු මෙරට ඇති බවත්, ඔවුන් රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශවල සේවයට යොදවා ඩිස්ප්‍රින් පැරසිටමෝල් දෙන වෛද්‍යවරුන් බවට පත්කර ඇති බවත් ඔහු පවසනවා.

ජාන තාක්ෂණයෙන් සිදු කෙරෙන ප‍්‍රතිකාර පිළිබ`ද හැදෑරු වෛද්‍යවරු එකතු කර ඉදිරියේ දී වෙනම ඒකකයක් ස්ථාපිත කරන බවද අමාත්‍ය රාජිත සේනරත්න කියා සිටියා. 
මේ අතර පෞද්ගලික විශ්ව විද්‍යාල යනු ලොව පුරා ව්‍යාප්ත වූ සංකල්පයක් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. ඊට අනුකූල නොවී ඉදිරියට යා නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.