Saturday, September 21, 2024

General line - 0115112241

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි කරළියට




ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය, විජේදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අධිකරණ අමාත්‍යංශයේ අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් වෙන්න ඕනෙයි කියන අවබෝධය ජාත්‍යන්තර සංවිධානත් ශ්‍රී ලංකාවත් අතර තිබුණ. ඒකෙන් අදහස් වෙන්නෑ සම්පූර්ණයෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි වෙනව කියල. 

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක් ශ‍්‍රී ලංකාවේ අධිකරණ සම්බන්ධයෙන් ඉකුත් දා නිකුත් කළ වාර්තාව අමාත්‍යවරයාගේ විවේචනයට ලක්වුණා. එම වාර්තාව දැක තමා පුදුමයට පත්වූ බවයි ඔහු පැවසුවේ. වාර්ථාව සකස්කර ඇත්තෙ දිගු කාලයකට පසුව බවයි මෙහිදී පැවසුවේ.

මේ අතර මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇති කැපවීම ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව ඇතැයි ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙහිදී කියා සිටියා. ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන වර්ගීකරණයකින් ශ‍්‍රී ලංකාවට උසස්වීමක් ද ලැබී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.