කොල්ලූපිටිය පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිනේෂ් සුරංග අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරිසර වරදක් සම්බන්ධයෙන් නඩුවක් නොපවරා සිටීම ස`දහා මෙම නිලධාරියා චීන සමාගමකින් රුපියල් ලක්ෂයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. වැඩිදුර ප‍්‍රශ්න කිරීම් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ දී සිදු කෙරෙනවා.