Saturday, September 21, 2024

General line - 0115112241

විදුලි බිලේ ශුභ ආරංචිය




කුමන අභියෝග පැමිණිය ද විදුලි බිල වැඩි නොකරන බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද නැවත සහතික වුණා. අමාත්‍යවරයා එම සහතිකය ලබා දුන්නේ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ අද (29) පැවති උත්සවයකදීයි. 

මේ අතර වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ලබන අගෝස්තු මාසයේ දී වැඩ වර්ජනයක් සිදු කරන බවට ලංකා විදුලිබල සේවක සංගමය මේ වනවිට අනතුරු අඟවා තිබෙනවා. මෙම වැටුප් ගැටළුවට බලධාරීන් තවමත් විසඳුම් ලබාදී නොමැති බවයි ඔවුන් කියා සිටියේ.