කඹුරුපිටියේ දී හිමි නමක් ඇතුළු දරු පවුලක් ගෙළවැලලා ගෙන මිය යාමේ ඡායාරූප නැරඹීමෙන් පසු එය අනුකරණය කළ මාතර අත්තුඩාව පාලටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ 13 හැවිරිදි සාමනේර හිමි නමක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තිහගොඩ පොලීසිය සඳහන් කළේ ඝන්ඨාර ලණුවේ ගෙල සිර වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
ඇඹිලිපිටියේ ශාසනධම්ම නැමැති සාමනේර හිමි නමක් මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බවයි වාර්තා වන්නේ.
උදෑසන විහාර මලුව පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදු කර ඇති බව පැවසෙනවා.
තරුණයෙකු කඹුරුපිටිය රන්සෑගොඩ දී තිදෙනෙකු සමාජ ජාල ඔස්සේ වැලලාගෙන මිය යාමේ ඡායාරූප ෆේස් බුක් වෙබ් අඩවියේ තිබී ඊයේ (28) දින සාමනේර හිමි නමට ජංගම දුරකතනයෙන් පෙන්වා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.