Friday, May 3, 2024

General line - 0115112241

ආසියානු පදක්කම් දෙකක් වෙනුවෙන් නිමාලි සමග ඉඳුනිල් අද තරග බිමේ 




ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ ශ‍්‍රී ලංකාව තැබූ පදක්කම් බලාපොරොත්තු දෙකක් ඊයේ බිඳ  වැටුණා. තුම්පිම්ම කාන්තා ඉසව්වේ අවසන් තරගයට එක්වූ විදුෂා ලක්ෂාණිට හිමි වූයේ සිව්වන ස්ථානයයි. ඇය දැක්වූ දක්ෂතාව මීටර් 13.33ක්. 

දෙවතාවක් පිරිමි උස පැනීමේ ඉසව්වේ ආසියානු ශූරයා වූ මංජුල කුමාර විජේසේකරට මෙවර හිමි වූයේ හයවන ස්ථානයයි. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 02.20ක්.

මේ අතර මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේදී දෙවන ස්ථානය දිනාගත් ඉඳුනිල් හේරත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. 

ඒ, විනාඩි එකයි තත්පර පනස් එකයි දශම හතයි බිංදුවක දක්ෂතාවක් වාර්තා කරමින්. 

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික තරගයකට එක්වූ නිමාලි ලියනාරච්චි ද එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනාගේම අවසන්  තරග අද (9) පැවැත්වෙනවා.