Monday, April 29, 2024

General line - 0115112241

බලධාරීන්ගේ වරදකින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරගාවලියක් අහිමි වෙයි




ආසියානු කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ කණ්ඩායම් තරග සඳහා එක්වීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. 

කේවල තරග සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා ක්‍රීඩිකාවන් ඊට ඇතුළත් කළද කණ්ඩායම් තරග සඳහා කිසිවෙකු ඇතුළත් කර නොමැති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. 

මෙම තරගාවලිය ලබන 22 වනදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

කණ්ඩායම් තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් නොකළේ මන්දැයි නෙත් ස්පෝර්ට්ස්මන් බැඩ්මින්ටන් බලධාරීන්ගෙන් විමසීමක් කළා. 

එහිදී ඔවුන් සඳහන් කළේ කණ්ඩායම් තරග සඳහා යොමුකළ අයදුම්පත් නිසි පරිදි තරග සංවිධායකයන් වෙත ලැබී නොමැති බවයි. 

විද්යුත් තැපෑලෙහි සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙය සිදුව තිබෙනවා. 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පරිපාලන කටයුතු මේ වනවිට සිදුකරන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේයි. 

ඒ, ඉකුත්දා පැවති නිලවරණයේ ප්‍රතිඵලය ක්‍රීඩා අමාත්‍යාංශය පිළිනොගැනීම හේතුවෙන්. 

මෙම නිලවරණයෙන් ජයගත් නිශාන්ත ජයසිංහ මෙම තරගාවලිය පිළිබඳ මතුව ගැටළුව සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැහැදිලි කළා.

මේ වනවිට ආසියානු බැඩ්මින්ටන් බලධාරීන්ටද මේ පිළිබඳ දැනුම් දුන් බවයි ඔහු කියාසිටියේ.