Saturday, May 4, 2024

General line - 0115112241

“ප්‍රීමා කුසලාන” ඔක්තෝම්බර් 6 සිට 




ප්‍රීමා සමූහ ව්‍යාපාරය විසින් 11වන වරටත් ප්‍රීමා කුසලාන අවුරුදු15න් පහල අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය සංවිධානය කර තිබෙනවා.

දිස්ත්‍රික් තරග වලින් පසුව අන්තර් පලාත් තරගාවලිය පැවැත්විමට නියමිතයි.

කණ්ඩායම් 39ක සහභාගීත්වයෙන් පැවැත්වෙන දිස්ත්‍රික් තරගාවලියේ අවසන් තරගය ඔක්තෝම්බර් 6 හා 7 දිනයන්හිදී කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

මෙයට උතුරු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් පහක් ද ඉදිරිපත් වීම විශේෂත්වයක්.

තරගාවලියේ අවසන් තරගය රූපවාහිනී විකාශනයක්ද සහිතව පැවැත්වීමට සූදානම් කර ඇත්තේ.