Thursday, September 19, 2024

General line - 0115112241

අගමැති හිටපු ජනපතිනිය සමග නැටුම් පන්ති ගිය හැටි මතක් කරයි



අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අතර පාර්ලිමේන්තුවේදී අද (20) උණුසුම් සංවාදයක් ඇති වුණා.

ඒ, ජාතික සංහිඳියාව සඳහා වූ කාර්යසාධක බළකායේ සභාපති ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරන්නේදැයි විමල් වීරවංශ මහතා ඇසූ ප‍්‍රශ්නයත් සමගයි.

හිටපු ජනාධිපතිනිය පැරණි මිතුරන් බැවින් විමල් වීරවංශ මහතාටම අසා දැනගත හැකි බවයි ඊට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ. එහෙත් දැන් අලුත් මිතුරන් වී ඇත්තේ අගමැතිවරයා බැවින් ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන ලෙසයි විමල් වීරවංශ මහතා සඳහන් කළේ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ තමන් සහ හිටපු ජනපතිනිය කුඩා කළ සිටම දන්නා කියන අය බවයි. නැටුම් ඉගෙන ගත්තේ ද එක පන්තියේ බවත් පැවසුවා.

(එම සංවාදය පහතින් අහන්න)

ශ‍්‍රී ලංකාවට නැගෙන යුද අපරාධ චෝදනා සහ සංහිඳියා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී සංවාද ඇති වුණා. කෙසේවෙතත් මෙම සංවාදය යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවූ සිසු ගැටුම දක්වා ඇදී ගියා. එහෙයින් තමාට තුන්වෙනි අතුරු ප්‍රශ්නය ඇසීමට අවස්ථාව තිබුණද මෙම තත්ත්වය යටතේ නොඅසන බවද විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවා.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ “මං ඕන වෙලාවට අගමැති. අනික් වෙලාවට එහෙම නෑ. ඒකට කමක් නැහැ” යනුවෙනි.

(එම සංවාදය පහතින් අහන්න)