Monday, May 6, 2024

General line - 0115112241

දැරියක්ව අඩනිරුවත් කර ගම හරහා ඇවිද්දපු මැර පිරිසට සිදුවූ දේ

ධරිත් පෙරේරා - ඩේලි මේල් ඇසුරෙන්




මැර කණ්ඩායමක් විසින් දහසය හැවිරිදි දැරියක්ව අඩනිරුවත් කර ගම හරහා ඇවිද යාමට බලකිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ පාකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයෙන්. 

මේ හේතුවෙන් ගම්වාසීන් දැඩි කම්පනයට පත්ව ඇති බවද මාධ්‍ය වාර්තා තුළ සඳහන්. 

දැරිය ඇවිද යන අවස්ථාවේදී දැරිය පහර කෑමට ලක් වූ බවද ඇසින් දුටුවන් ප්‍රකාශ කරනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නව දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.