Saturday, July 27, 2024

General line - 0115112241

සමීක්ෂණයකින් අනාවරණය වූ තරබාරු බිරින්ඳෑවරුන්ගේ සැමියන්ට හැදෙන ලෙඩේ




තරබාරු බිරියන්ගේ සැමියන් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බව නවතම වෛද්‍ය සමීක්‍ෂණ, අනුව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා පදනමේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද පවසනවා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (07 ) පැවැති මාධ්‍ය හමුවකදීය.

එබැවින් දියවැඩියා රෝගය පාලනයට කාන්තාව සතු වගකීම ඉතා ඉහළ බවත් මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වී ඇත්තේ ද “දියවැඩියාව, කාන්තාව සහ නිරෝගී අනාගතයක අයිතිවාසිකම්” බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

මෙරට ගැබිනි කාන්තාවන්ගෙන් 10% ක්‌ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවත් සියයට 15% ක්‌ දියවැඩියා රෝගයට ගොදුරුවීමේ ආසන්න මට්‌ටමේ සිටින බවත් සමීක්‍ෂණ අනුව හෙළිවී ඇතැයිද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද වැඩිදුරටත් පැවසුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි සම්පූර්ණ මිශ්‍රිත ශිරාගත රුධිර සාම්පල පරීක්ෂාවකින් පසු ,ආහාරයට පෙර සාම්පලයේ ලීටරයට මිලි මවුල 6 ට වඩා අඩු නම් දියවැඩියාව වැළඳී නොමැති අතර,ආහාරයට පසු සාම්පලයේ ලීටරයට මිලි මවුල 8 ට වඩා ඉහළ අගයක් නම් මෙම රෝගය වැළඳී ඇති බව නිගමනය කරනු ලබනවා.