Wednesday, February 5, 2025

General line - 0115112241

කොකේන් බලන්න ආ පොලිස්පති..!




පෑලියගොඩ පෞද්ගලික කන්ටේනර් පර්යන්තයක ගබඩා කර තිබූ සැකසහිත කන්ටේනර් 02 ක තිබී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (21)  අත්අඩංගුවට ගනු ලැබූ, මෙතෙක් ලංකාවෙන් අල්ලාගනු ලැබූ විශාලතම කොකේන් ප්‍රමාණය වන කිලෝ ග්රෑම් 274 ක ප්‍රමාණය නිරීක්ෂණය සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත පැමිණියා.

එහිදී පොලිස්පතිතුමා විසින් වැටලීම සිදු කරන ලද නිලධාරීන් වෙත තම හෘර්දයාංගම ප්‍රශංසාව පුද කළ අතර මේ සම්බන්ධව නිලධාරීන් විසින් ඉදිරියේදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබදවද උපදෙස්ද ලබා දෙන ලදී.

අත්අඩංගුවට ගන්නා ලද කොකේන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතළිස්දාහකට (රුපියල් මිලියන 4000) කට අධික වේ.

01 02 03 04 05 06 07 08 09