Sunday, April 28, 2024

General line - 0115112241

කලිසම් නිසා කාන්තාවන් 24කට 'කස පහර' දෙන්න යයි




දිග කලිසම් ඇඳීම හේතුවෙන් සුඩානයේ කාන්තාවන් 24 දෙනෙකු චෝදනාවට ලක්ව සිටිනවා.

එරට අගනුවර පැවති සාදයකට මෙලෙස එම කාන්තාවන් දිග කලිසම් ඇඳ පැමිණ තිබුණා.

එරට පොලිසිය විසින් සාදය වටලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අසංවර ලෙස ඇඳුම් ඇදීමේ චෝදනාව යටතේ මෙම කාන්තාවන්ට කස පහර 40ක් සහ දඩයක්ද නියම කරනු ඇති බවයි පැවසෙන්නේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන සුඩානයේ කාන්තාවන්ට දිග කලිසම්, කොට කලිසම් හෝ කෙටි සායවල් ඇඳීම තහනම් වනවා.