Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රධාන පක්ෂවලින් කොළඹ නගර සභාවේ නගරාධිපති පුටුවට එවන අපේක්ෂකයෝ මෙන්න




කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග වැදීම සඳහා ප‍්‍රධාන පක්ෂ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව දැන් වැඩි දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

එ් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිනය ප‍්‍රකාශයට පත් කිරීමත් සමගයි.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව ශී‍්‍ර ලංක නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාජ්‍ය අමාත්‍ය එ්. එච්. එම්. ෆවුසිගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ තවදුරටත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂය මෙවර කොළඹ මහ නගර සභාවේ නගාරාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇත්තේ හිටපු ඇමැතිනී රෝසි සේනානායකයි.  

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස හිටපු නගරාධිපති ඔමාර් කාමිල් ඉදිරිපත් කරනු ඇතැයිද වාර්තා වනවා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරයෙකුයි.

එ් පිළිබඳ අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මේ සඳහා ඉදිරිපත් වී ඇති බවයි.