අමෙරිකාවේ වොෂින්ටන් ප‍්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ප‍්‍රවාහන ආරක්ෂක මණ්ඩලය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් අනතුර සිදු වූ ස්ථානයට ගොස් එහි පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දුම්රිය මැදිරි දෙකක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 72ක්.