Sunday, October 20, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලි  ගැන කියන්න තවත් ක්‍රමයක්




පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විද්‍යුත් තැපෑල හරහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මැතිවරණය සම්බන්ධයෙන් වන පැමිණිලි මැතිවරණ කොමිසන් සභාවේ පැමිණිලි කාර්යාලයේ විද්‍යුත් තැපෑල වන [email protected] වෙත යොමු කළ හැකියි.

මීට අමතරව සියලූ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලටද එම දිස්ත්‍රික්කයේ නම මුලින් යොදා [email protected] යනුවෙන් පැමිණිලි යොමු කළ හැකි බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.