Sunday, October 20, 2024

General line - 0115112241

ද්‍රවිඩ සහ මුස්ලිම් ඡන්ද ගැන 'ශ්‍රීලනිප' ය කියන කතාව

සමන්ත කුමාර




පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රටපුරා ජනහමු 14,000 ක් සංවිධාන කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පැවසුවේ සෑම නිවසකටම තුන්වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් ගොස් ඡන්දදායකයන් දැනුවත් කිරීමේ සැළසුමකට අනුව සිය මැතිවරණ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වන බවයි.  

මැතිවරණයේ සියළු වාසිදායක තත්ත්වයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙත හිමිව ඇති බවද රංජිත් ද සොයිසා මන්තී‍්‍රවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

අමාත්‍ය එස්. බී. දිසානායක පැවසුවේ මෙවර මැතිවරණයේදී බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගන්නා බවයි. 

සිය මැතිවරණ ප‍්‍රචාරණ ක‍්‍රමවේදය පිළිබදවද අමාත්‍යවරයා කරුණු දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ජ්‍යෙෂ්ඨයින් එකතු වී මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බවයි. මෙතෙක් කිසි දිනෙක නොවූ පරිදි දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වෙමින් ඇති බවද පැවසුවා. ජනාධිපතිවරයා කෙරෙහි එම ජනතාව තුළ දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජනතා විමුක්ති පෙරමුණද මේ වනවිට සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා. එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කළේ ගමින් ගමට මෙන්ම ගෙයින් ගෙට ගොස් සිය ප්‍රචාරක කටයුතු සිදු කරන බවයි. එම වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ වී සිදු කෙරෙමින් යන බවද පැවසුවා.

එක්සත් ජාතික පක්‍ෂයේ මූලික ප‍්‍රචාරක වැඩපිළිවෙල මේ වනවිට ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසුවේ. ඉදිරි සති 5 තුළ සිය පක්‍ෂයේ ප‍්‍රචාරක කටයුතු වේගවත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.