Wednesday, October 23, 2024

General line - 0115112241

ගිනිඅවි ළඟ තබා ගත් පුද්ගලයින් 8ක් අත්අඩංගුවට

ජයන්ත වීරසේකර - වැල්ලවාය




නීති විරෝධීව ගිනිඅවි 10ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් 8දෙනෙකු සියඹලාන්ඩුව 3නේ කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්යය බලකාය කළ මෙහෙයුමකදීයි.

සැකකරුවන් සතුව තිබී ජීව උණ්ඩ තොගයක්ද සොයා ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතිමලේ, සියඹලාණ්ඩුව, දික්යාය, දොඹගහවෙල සහ මහයාය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

ප්‍රදේශයේ රක්ෂිතවල සතුන් දඩයම් කිරීමේ අරමුණින් මොවුන් මේවා ළග තබා ගෙන ඇති බවයි ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් 8දෙනා සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.