Saturday, May 4, 2024

General line - 0115112241

අතුරුදන් වූ 50 දෙනාගෙන් 07 දෙනෙකු සොයාගෙන




මධ්‍යම පැසිෆික් සාගරයට අයත් කිරිබාටි දූපත් ආසන්නයේ දී අතුරුදන් වූ 50 දෙනාගෙන්, 07 දෙනෙකු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, සතියක් පුරා සිදු කරන ලද මෙයෙහුම්වලින් අනතුරුවයි.

මුදාගත් පිරිස පැසිෆික් මුහුදේ ඔවුන් ගමන් ගත් කුඩා බෝට්ටුවේ පාවෙමින් සිටියදී සොයාගත් බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

නවසීලන්තය සහ ෆීජි දුපත් ආරක්ෂක අංශ තවදුරටත් අතුරුදන් වුවන් සෙවීමේ කටයුතුවල නිරත වනවා.  මුදාගත් පිරිසට ආහාර සහ ජලය සැපයීම් සහන සේවා කණ්ඩායම මගින් මේ වනවිට සපයන අතර ඔවුන් සමග සන්නිවේදන කටයුතුද පවත්වා ගැනිමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.