Sunday, September 8, 2024

General line - 0115112241

ජනපති අගමැති නිල වශයෙන් කියනකම් මම නිහඬයි! ආණ්ඩුවේ අනාගතය ගැන සජිත් කියයි




තවදුරටත් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා නිල වශයෙන් ප‍්‍රකාශයක් සිදු කරන තෙක් තමා කිසිවක් ප‍්‍රකාශ නොකිරීමට වග බලා ගන්නා බවයි. මාධ්‍ය අමතමින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මේ බව කියා සිටියා. 

යහ පාලන ආණ්ඩුව තවදුරටත් ශක්තිමත්ව, පොළවේ පය ගසා, රෙද්ද බැනියම ඇඳගෙන ජීවත්වන මිනිසුන්ට දැනෙන යුගයක් උදාකරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර ඊයේ දිනයේ ද වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. සාකච්ඡාව පවත්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.