Sunday, September 8, 2024

General line - 0115112241

මහින්ද මුණ ගැසුණු සුසිල් ඒකාබද්ධයේ පිරිසක් සමග ජනපති මැදුරට යයි

හේමන්ත කහවලගේ




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත අද (16) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ විජයරාමයේ පිහිටි නිල නිවසේදීයි. මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අතර හමුවකට ඇති ඉඩ ප‍්‍රස්තාව පිළිබඳ දැනුම් දීමටයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා මුණගැසීමට දැන් ජනපති නිල නිවසට ගොස් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. 

මේ අතර වත්මන් දේශපාලන තත්වය පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පිරිසක් ජනාධිපතිවරයා වෙත සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදී ඔවුන් පවසා ඇත්තේ සිය අභිමතය කටයුතු කිරීමට ජනාධිපතිවරයාට සහය දක්වන බවයි.