Saturday, September 21, 2024

General line - 0115112241

20 ගැන සංඝරත්නයේ මතය ජන වරම් 5කදීම පරාදයි - බිමල් රත්නායක

ලහිරු කපුගේ




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මහා සංඝරත්නය දරණ මතය ජනතාව ලබාදුන් ජනවරම් 5 කින් ප‍්‍රතික්‍ෂේප වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

විසිවන සංශෝධනය මගින් බෙදුම්වාදී උවමනාවන් ඉටුවන බැවින් එය පරාජය කිරීමට සියළුදෙනා එක්විය යුතු බව ජාතික මහා සග නියෝජිත සමුළුවේදී ඊයේ අවධාරණය කෙරුණා. මෙම යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ උවමනාවකට බවයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසුවේ.

උන්වහන්සේගේ මෙම ප‍්‍රකාශයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.
"මේ අපි ගෙන එන්නේ 1994 ඉඳල 2015 දක්වා ජනවරම් 5ක ජනමතය. රටට සුගතියක් වෙන දේට අපි උදව් කරනව. සිවුරු හොරුන් වෙනුවෙන් පින්ඩපාතයේ යන උදවිය කියන දේ පිළිගනී කියල මම හිතන්නෑ. ඕන අයෙකුට මේකට විරුද්ධ වෙන්න පුළුවන් හැබැයි ඒයාල කියන එකම තමයි වෙන්න ඕන කියල කියන්න බැහැ."