Saturday, September 21, 2024

General line - 0115112241

අන්තරේ හිමිනමක් ඇතුලූ සිසුන් නව දෙනෙකු ඇප මත මුදා හැරේ

අධිකරණ වාර්තාකරු 




අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිමිනමක් ඇතුලූ සිසුන් 09දෙනා අද ඇප මත මුදා හැරුණා. ඒ කොළඹ මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහගේ  නියෝගයකට අනුවයි. 

එක් සැකකරුවෙකුට රුපියල් දස දහස බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක්ද මෙහිදී නියම කෙරුණා.  විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුලූවීම සහ පොදු දේපළවලට අලාභහානි සිදු කිරීම යටතේ මෙම පිරිස ඉකුත් 26වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.