Saturday, September 21, 2024

General line - 0115112241

බඩු මිල ඉහළ යන හේතු මෙන්න

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




වත්මන් ආණ්ඩුව යටතේ භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්වීමට නොහැකි බව මේවනවිට ඔප්පු වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේ රුපියලේ අගය දිගින් දිගටම අවප‍්‍රමාණය වීම, අධික වැට් බද්දක් පනවා තිබීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ගැටලූ මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

කිරිපිටි, ගෑස් ඇතුලූ භාණ්ඩ කිහිපයක මිල ගණන් පසුගයි කාලසීමාව තුළ ඉහළ යාම පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්තී‍්‍රවරයා මෙම අදහස් පල කළා.

ආණ්ඩුවට ප‍්‍රතිපත්තියක් නොමැති වීම මෙවැනි ගැටලූවලට තවත් හේතුවක් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.