Saturday, September 21, 2024

General line - 0115112241

බැසිල්ගේ අතුරු තහනම දීර්ඝ කෙරේ




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති ලිත් නඩුව කොලඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට ගැනීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය මැයි මස 18වනදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (09) නියෝග කළා. ඒ, අදාළ නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

එම නඩුව විභාගයට ගැනුණේ ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුණ ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරුවරු මඩුල්ල හමුවේයි. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල වනවා. ඊට අදාළ නඩුව තමන්ට එරෙහිව විමර්ශන සිදු කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට ගැනීමෙන් සාධාරණයක් ඉෂ්ඨවේයැයි අපේක්ෂා කළ නොහැකි බවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම පෙත්සම මගින් පෙන්වා දි ඇත්තේ.