Thursday, May 2, 2024

General line - 0115112241

ශුද්ධවූ මක්කමේදී පුද්ගලයෙක් සියදිවි හානිකර ගනියි (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදි අරාබියේ ශුද්ධවූ මක්කම දේවස්ථානය තුලදී පුද්ගලයෙක් සියදිවි නසා ගෙන ඇතැයි එරට පොලිසිය සදහන් කරනවා.

පසුගිය සිකුරාදා දහවල් මක්කම දේවස්ථානය තුල ඉහළ මාලයේ පිහිටි ආරක්ෂක වැට මතට නැගී මෙම පුද්ගලයා එහි සිට බිමට පැන ඇති බවයි. ඔහු එම මොහොතේදීම මිය ගොස් තිබෙන අතර සිදුවීම වූ අවස්ථාවේදී මක්කම දේවස්ථානය තුළ විශාල බැතිමතුන් පිරිසක්ද සිට ඇති බව වාර්තා වනවා.

මේ අතර රාමසාන් උපවාස සමය බැවින් සෞදි අරාබියේ රජු වන සල්මාන් බින් අබ්දුල්අසිස් අල් සාවුද් ද සිය ආගමික වතාවත් වල යෙදීම සඳහා මේ දිනවල මක්කම දේවස්ථානයේ රැදී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

පොලිසි සඳහන් කරන්නේ මෙලෙස සියදිවි හානිකර ගත් පුද්ගලයා විදෙස් ජාතිකයෙක් වන බවත් ඔහු හදුනාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.