කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප‍්‍රදේශවල තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජුනි මස (11) වැනිදා දක්වා මෙම සුළං තත්ත්වය පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇතැයි බලාපොරොත්තු වන බවද පෙන්වා දෙනවා.
මේ අතර තද සුළං තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට බලපෑම් මතු වුණා. කුරුණෑගල -කුඩාගල්ගමුව ප‍්‍රදේශයේ නිවාස 40 කට හානි සිදුව තිබෙනවා.
එම ප‍්‍රදේශයේ මෙන්ම හැටන් සහ මාතලේ ප‍්‍රදේශවලද ගස් කඩා වැටීමෙන් අතුරු මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා මතු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් විදුලිබල සැපයුමද ඇණහිට තිබුණා.
දිවයින හරහා විශේෂයෙන් තවදුරටත් බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.