උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපද ජනාපධිති ඩොනල්ඩ් ට්රම්ප් සිංගප්පූරුව බලා පිටත්වී ඇතැයි විදෙස් පුවත් සේවය වාර්තා කරනවා.
කැනඩාවේ පැවැති ජී7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති ට්රම්ප් එරට සිට සිංගප්පූරුව බලා පිටත් වී තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අතර හමුව එළැඹෙන අඟහරුවාදා (12) සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර සිංගප්පූරුව වෙත යන අතරතුර අමෙරිකානු ජනාධිපති ට්විටර් පණිඩුවයක් තබා යමක් සටහන් කර තිබුණා.
"උතුරු කොරියාව සහ ලෝකය සඳහා සැබවින්ම සුන්දර ප්රතිපලයක් ලබා ගැනීමට අවස්ථාවක් තිබෙන සිංගප්පූරුවට මා යනවා. එය සැබැවින්ම සිත්ගන්නා දිනයකි. මීට පෙර කිසිඳු අවස්ථාවක නොමැති ආකාරයෙන් මහන්සි වී මේ වෙනුවෙන් වැඩ කරන ආකාරයක් කිම් ජොංග් උන්ගෙන් පෙනී යනවා." යනුවෙන් එහි දැක්වුණා.