යළි ජාතික දේශපාලනයට අවතීර්ණවීම පිළිබඳව ඉදිරි මාස දෙක තුන තුළ තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා.
මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළා.
මේ වන විට රටේ දේශපාලනය බොහෝ ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ නිසා තීරණයක් ගැනීමට සුදුසුම කාලය ඉදිරි මාස දෙක තුන තුළ උදා වෙන බවයි ඔහුගේ අදහස වී ඇත්තේ. ජාතික දේශපාලනයට පැමිණෙන ලෙස තමාට මහනායක ස්වාමීන් වහස්සේ අවස්ථා කිහිපයකදීම සඳහන් කළ බවද පැවසුවා.
ඍජු තීරණ ගන්නා ස්ථිර ප්‍රතිපත්තියක් සහිත නායකයෙකුට තමන් ඉදිරියේදී සහාය දක්වන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.