වත්මන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රටට විහිලූ සපයන පක්ෂයක් බවට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිලූම් අමුණුගම පවසනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම පිළිබඳවද ඔහු මෙහිදී කරුණු දැක්වුවා. එහිදී සඳහන් කෙරුණේ "රජයෙන් එළියට බැහැලා ඊට විරුද්ධව සටන් කිරීම ගැන අපි සතුටු වෙනවා. නමුත් එතුමාලා නායකයා හැටියට පිළිගන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාව... එතුමාලා ශ්‍රීලනිප කණ්ඩායම හැටියටයි පෙනී සිටින්නේ. දැන් ශ්‍රීලනිපය ආණ්ඩුවෙත් ඉන්නවා..විපක්ෂයෙත් ඉන්නවා.." යනුවෙනි.
රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට චෝදනා එල්ල කළ පිරිස් වර්තමානයේ සොරුන් බවට පත්ව ඇති බවයි මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සිදු කෙරුණු ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව 16යේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර
චන්දිම වීරක්කොඩි පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා ඒ පිළිබඳ කරුණු දැක්වූවා.
එහිදී "අපට තේරෙන යථාර්තය තමයි..ශ්‍රීලනිපයේ පාක්ෂිකයින් කැමති නෑ එක්සත් ජාතික පක්ෂයත් එක්ක යන ගමනකට. ජනතාව බලාපොරොත්තු වෙන තැන වාඩි වුණාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමුතුවෙන් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය වෙන්නේ නෑ.. එතන තමයි ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති ටික තියෙන්නේ." යනුවෙන් සඳහන් කළා.