Thursday, May 2, 2024

General line - 0115112241

දුම්රිය තුල පිහි ඇණුමක්: පුද්ගලයෙක් මරුට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ-විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජපානයේ අධිවේගී දුම්රියක් තුල සිදුවු පිහි ඇණුමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ජපානයේ ටෝකියෝ අගනුවර සිට ඕසාකා බලා ගමන් කරමින් තිබු මෙම අධිවේගී දුම්රිය තුල මෙම පිහි ඇණුම සිදුවි ඇති අතර ඉන් මිය ගොස් ඇත්තේ පිරිම් පුද්ගලයෙක් වන අතර තුවාල ලැබු දෙදෙනා කාන්තාවන් බවයි එරට පොලිසිය සදහන් කරන්නේ.

පිහි ඇණුම සිදුකල බව කියන 22 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් අහඹු ලෙස තෝරා ගත් පිරිසකට මෙලෙස ප්‍රහාර එල්ල කළ බවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විම් වලින් අවම රටක් ලෙස ජපානය සැලකෙනවා.