Friday, May 17, 2024

General line - 0115112241

හොඳම අවස්ථාවක් අතහැරලා

කසුන් කැළුම්




ජපානයේ පැවැත්වෙන 18 වන ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියට එක්ව සිටින ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මේ වන විට සුපිරි දස්කම් දක්වමින් සිටිනවා. 

එහිදී දැනට ශී‍්‍ර ලංකාව රන් පදක්කම් දෙකක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් ද දිනා සිටිනවා.

එහෙත් ශී‍්‍ර ලංකාවට දිනා ගැනීමට තිබූ තවත් පදක්කමක් කී‍්‍රඩා බලධාරීන්ගේ අත්තනෝමතික තීරණයක් හේතුවෙන් අහිමි වූ පුවතක් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා. 

ඊයේ පැවති මීටර් 100 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කම චීනය දිනා ගත්තේ තත්පර 45.06ක දක්ෂතාවක් වාර්තා කරමින්. 

තත්පර 45.94ක දක්ෂතාවක් වාර්තා කරමින් ප‍්‍රබල ජපානය එහි රිදී පදක්කමට හිමිකම් කීවා. හොංකොං කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්පර 47ක දක්ෂතාවක් වාර්තා කරමින්.

කෙසේ වෙතත් ඉකුත්දා නිමාවට පත් වූ දකුණු ආසියානු කණිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියේදී අමාෂා ද සිල්වා ප‍්‍රමුඛ මීටර් 100 බාලිකා කණ්ඩායම තත්පර 46.23ක දක්ෂතාවක් වාර්තා කරමින් එහි රන් පදක්කම දිනා ගත්තේ නව තරග වාර්තාවක්ද සමගින්. 

එම කණ්ඩායම මෙවර ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියට සහභාගී කරවූයේ නම් කාල ගණනය අනුව ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කම දිනා ගැනීමට හැකියාව තිබුණා.

වසර 19 ක් පැරණි කනිෂ්ඨ දකුණු ආසියානු වාර්තාව බිද හෙලූ ශී‍්‍ර ලංකා සහාය දිවීමේ බාලිකා කණ්ඩායම එම දක්ෂතාව දැක්වූයේ සතියක පුහුණුවීමකින්. එම ඉසව්වට එක් වූ කී‍්‍රඩිකාවන්ගේ පුද්ගලික දක්ෂතා වර්ධනය පහතින් දැක්වෙනවා.

අමාෂා ද සිල්වා  11.92 - 11.71
ශර්මිලා ජාන් - 12.34 - 12.17
ශෙලින්ඩා ජැන්සන් - 12.28 - 12.28
ශෆියා යමික් - 12.5+
එවන්ති ඉමේෂිකා - 12.29 - 12.20

දකුණු ආසියානු කණිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියේදී කළමනාකරුගේ කි‍්‍රයා කලාපයට එරෙහිව මෙම කී‍්‍රඩිකාවන් සාක්ෂි ලබාදීම හේතුවෙන් ඔවුන් ජපානයේ පැවැත්වෙන 18 වන ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියෙන් ඉවත් කර ඇති බවටයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. 

මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරිගෙන් වීමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ එම සිදුවීම කණගාටුදායක තත්ත්වයක් බවත් ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කර අදාළ පාර්ශ්වවලින් තමන් කරුණු විමසීමක් සිදු කරන බවයි.