අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින අලුයම විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.
අද අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ QR -669 දරන ගුවන් යානයෙන් අගමැතිවරයා ඇතුළු පිරිස පිටත්ව ගිය අතර, මේ සඳහා තවත් 05 දෙනෙකු එක් වී සිටියා.
කටාර් රාජ්‍යයේ දෝහා අදාළ ගුවන් යානයේ ගමනාන්තය වනවා.
nethnews.lk කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපොළ ද මෙම සංචාරයේ ගමනාන්තය පිළිබඳව දැනුවත් නොමැති බවයි.
ඒ අනුව nethnews.lk මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයෙන් විමසීමක් සිදු කළා. එහිදී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් අතාවුදහෙට්ටි සඳහන් කළේ අගමැතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.