භූමිතෙල් මිල පහල දැමීමට රජය පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සඳහන් කළේ එළඹෙන (12) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස භූමිතෙල් මිල අඩු කරන බවයි.
ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70ක් දක්වා පහල දමන බවද සඳහන් කළා.
ඉකුත් දා සිදු කෙරුණු මිල ඉහළ දැමීමට අනුව මේවනවිට භූමිතෙල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 101කටයි.