Thursday, May 2, 2024

General line - 0115112241

නිරුවතින් මුහුදේ පිහිනා කාන්තාවන් පිිරිසක් අයර්ලන්තයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට ආසන්න මුහුදේ දී කාන්තාවන් පිරිසක් නව ගිනස් ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, නිරුවතින් අධික ශීතල සහිත මුහුදු ජලයේ වැඩිම වේලාවක් රැඳි  සිටි අවස්ථාව බවට ඉතිහාසගත කරමින්. 

ඔවුන් ලෝක වාර්තාව බිහි කිරීම සඳහා පිහිනා යනවිට මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක්. ලොව පුරා වෙසෙන කාන්තාවක් 2505 දෙනෙකු සහභාගී වී මෙලෙස බිඳ දැමුයේ 2015 වසරේ කාන්තාවන් 786 දෙනෙකු  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරදී පිහිට වූ ලෝක වාර්තාවයි. 

මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට මූල්‍යාධාර පිරිනැමීමයි.