Tuesday, December 31, 2024

General line - 0115112241

මංගල සාදයක් අතර වාරයේදී සිවිල් ආරක්ෂක භටයාට පිහි ප්‍රහාරයක්

උහන සමන් චන්ද්‍රතිලක




මංගල සාදයක් අතර වාරයේදී බිමත් පුද්ගලයෙක් විසින් පිහියෙන් ඇනීම නිසා බරපතල තුවාල ලැබූ සිවිල් ආරක්ෂක භටයෙකු අම්පාර මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් මිට පෙර ද පුද්ගලයින් දෙදෙනෙක්ට පහර දී කපා කොටා අමානුෂික ලෙස තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකු බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිවිල් ආරක්ෂක භටයා හට ශලයකර්මයක් සිදුකර ඇති බව වාර්තා වනවා.