Tuesday, December 31, 2024

General line - 0115112241

රටපුරා ඇති තද සුළං ගැන කාලගුණයෙන් නිවේදනයක්

තරංග රුක්ෂාන් ජයසේකර




දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති තද සුළං තත්වය ක‍්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින අභ්‍යන්තරයේ මෙන්ම දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල ද පවතින සුළං තත්වය හෙට (11) වන තෙක් පැවතිය හැකි බවයි දැනටමත් ප‍්‍රකාශ වී ඇත්තේ. 

ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත‍්‍රික්කයට ද විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මුහුදේ සුළං තත්වය ද පැයට කිලෝමීටර් 50ත් 70ත් අතර පැවතිය හැකි බවටයි ප‍්‍රකාශ කෙරුණේ.